සළෙලු සිතක් …?

Sinhala Poem

හිරු නැඟ එන හිමිදිරියක – ඒ එළියට වැඩිය දිලෙන 
නුඹේ මුහුණේ මල් හිනාව – නුඹට හොරෙන් රස වින්දාට 

පිච්ච මලේ සුවඳ කවපු – අත යට ගුලි කරන් හිටපු 
ලේන්සු පොඩියේ සුවඳත් – නුඹට හොරෙන් විඳ ගත්තාට 

සෙනඟ පිරුණු  බස් රථයේ – කාටවත්ම නොදැනෙන ලෙස 
ඇඟිලි තුඩින් නුඹට හොරා – නිල් වරලස පිරි මැද්දාට 

ඇසුරු සැණෙන් ළඟට ඇවිත් – ඇසිපියවර ගහන තරම් 
පුංචිම පොඩි කාලයකට – නුඹේ උණුහුම අර ගත්තාට 

කවදාවත් සිතුවේ නෑ – සීමා මායිම් බිදින්න
එහෙව් කෙනෙක් ළඟ තියෙයිද – සළෙලු සිතක් සැඟවීගෙන ?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Verified by MonsterInsights