
පහළ වූ දා නුඹ ලෝකයට
දඬුවමක් ලෙස අප වෙතට
හිසින් අරගෙන අනුනගේ දොස
නමින් පතළව “පළමු ගැහැණිය”
වැරදුණා, මට වැරදුණා
නොවේ නුඹ නම් පළමු වැන්නිය
සදාතනිකව ලොව වසන්නිය
ලොවට මැවූ ඒ කාම අග්නිය
විවර කල දා කුතුහලෙන්
අඳුරු පැහැගත් මංජුසාවක
නැගී විසුරන සියලු සාපය
ලෝකයේ යහපතම වැනසුව
බැනුම් ඇසුවා එදා කල් සිට
හිර කරන් ඔය පපු ගැබේ
බලාපොරොත්තුවේ පුංචි සැනසුම
අහෝ! නුඹමයි
සදාතනිකම ගැහැණු චරිතය